STF එකෙන් වරුණ ඉවතට. පොලිසියේ ලොක්කන් රැසකට ස්ථාන මාරු

0
218

NEWSNOW | – පොලිස් විශේෂ කාර්’ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

මෙලෙස මාරු කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ය.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් ලබන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ඉදිරියේදී ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්’තා වෙයි.