රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට නව ඩිජිටල් ප්‍රවේශ 3ක් අද සිට

0
38

NEWSNOW| –  රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අද(07) සිට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම සිදු කෙරෙන බව රජය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා, පැවසුවේ දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා.”