NEWSNOW | – දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි. ඔහු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා විය.
84 වන වියේ පසුවෙද්දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.
යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.
ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි අනු සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 – 2000) ද වේ.