දේශමාන්‍ය හැරී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

0
31

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්’ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ මහතා මිය යන විට වයස අවුරුදු 82ක් විය.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්’ධන හෙවත් හැරී ජයවර්’ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.

ඔහු 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්විය.

ජයවර්’ධන මහතා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ප්‍රසිද්ධ කර්’මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්’ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පී.එල්.සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දරමින් සිටියේය.