පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවයක

0
163

NEWSNOW | –  පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

ඒ එම විදුහල් භූමියේ ඇති අනාරක්ෂිත පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ඉවත්කර ඒ සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස අදාල බළධාරීන් හට බලකරමිනි.

එම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාව්පියන් පාසල ඉදිරිපිට සැලසුම් කර තිබූ විරෝධතාවය අද පෙරවරු 10ට පමණ ආරම්භ කළ අතර මේ සදහා දෙමාව්පියන් 100ක පමන පිරිසක් සහභාගී වී සිටියහ.