හිටපු තවත් රාජ්‍ය නිලධාරියෙකු CIDයෙන් අත්අඩංගුවට

0
50

NEWSNOW | –  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ 2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ‘ඉසුරු සවිය’ නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්’ශනයක් සිදුකර ඇති බව ය.

මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකාර හිටපු අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වනු ලැබ ඇති බව ඔහු පැවසීය.

සැකකරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.