ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් දමිළ ග්‍රන්ථ දෙකක් හෙට එළිදැක්වීමට සූදානම්

0
52

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් සංවිධානය කරන ලද දමිළ ග්‍රන්ථ ද්විත්වයක් එළිදැක්වීමේ උත්සවය හෙට (30) පස්වරුවේ පැවැත්වේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා විසින් රචිත “අපි කොටසක් මිස වෙන්ව නොවේ” යන දමිළ ග්‍රන්ථය සහ මහාචාර්ය රාජන් හූල් මහතා විසින් ඉංග්‍රීසියෙන් රචිත ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ඛේදවාචකය පිළිබඳව ග්‍රන්ථයේ “පාස්කු ඉරිදා ව්‍යසනයේ සැඟවුණු හස්ථය හෙළි වූ විට” යන මැයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන් මහතා විසින් පරිවර්තනය කරන ලද දමිළ ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීමේ උත්සවය හෙට (30) පස්වරු 5.00 ට කොළඹ පදනම් ආයත ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ එම්.එම්. සුහයිර්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද හත්තක යන මහත්වරුන් විසින් ආරාධිත දේශනය සිදුකිරීමට නියමිත අතර ග්‍රන්ථ විචාරය මහාචාර්ය එම්.එස්.එම්. අනස් මහතා විසින් සිදුකිරීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එන්.එම්. අමීන් මහතා ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.

මෙම උත්සවයේ ග්‍රන්ථ දෙකම වට්ටම් සහිත මිලකට පිරිනමන බව ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ ලේකම් සාදික් ෂිහාන් මහතා පැවසීය.