සෞදි රජයෙන් මෙරටට රට ඉඳි ටොන් 50ක්

0
172

NEWSNOW| –  සෞදි අරාබියේ ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු විසින් ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් තෑගි කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Khalid bin Hamoud Alkahtani මහතා විසින් ශ්‍රී ලංකාවේ ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ නියෝජිතයින් සහභාගී වූ බව සෞදි තානාපති කාර්යාලය පවසයි.