පූජ්‍ය සියඹලා ගස් වැව විමලසාර නායක හිමියන් අපවත් වෙති

0
36

NEWSNOW | – වවුනියාවේ ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලා ගස් වැව විමලසාර නාහිමියන් අපවත් වෙති.

ඊයේ රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.

උතුරේ සිංහලකමත් බෞද්ධ කමත්, ජාතික ආගමික සමගියත් රැක ගනිමින් සියළු පාර්’ශවයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් යුද ගැටුම් පැවති සමයේ පවා කිසිදු වෙනසක් නොමැතිව උන්වහන්සේ වවුනියාවේ වැඩ සිටියහ.

යුද ගැටුම් පැවති අවධියේදී සාම ක්‍රියාවලියට LTTE සංවිධානය එකතු කරවා ගැණීම පිණිස කල සාකච්ඡා හා සංවාද වලදී පුරෝගාමී නායකත්වයක් සපයන ලද්දේ උන්වහන්සේ විසිනි.

මුළු මනුෂ්‍ය වර්’ගයාටම වැඩදායක වූත් සරළ සුන්දර ජීවිතයක් ගත කල වවුනියාවේ නායක හාමුදුරුවන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්’තනා කරමු.

පසුගියදා උන්වහන්සේගේ සුවදුක් බැලීම සඳහා ධර්’ම ශක්ති සංවිධානයේ සාමාජිකයින් කොළඹ ජාතික රෝහලට ගිය අවස්ථාව.