අපට ආගමක් අවශ්‍ය වන්නේ ඇයි ?

0
73

NEWSNOW| – ශ්‍රී ලංකාව වැනි අපේ රටේ ජන ජීවිතය වසර දහස් ගණනක සිට පැවත එන්නේ ආගමික පසුබිමක් මතය. ඒ අනුව මේ වන විට ලංකාවේ විවිධ ආගම් අදහන ජනතාව එකට ජීවත් වෙති. එසේම ලෝකයේ බහුතරයක් ජනතාව කුමන හෝ ආගමක් අදහනු ලබයි. මේ ආගම මනුෂ්‍ය ජීවිතයක් යහපත් මාවතක රැගෙන යාමට කුමන දායකත්වයක් ලබා දෙනවාද? මේ ගැන ගැඹුරින් කතා කෙරෙන ලිපියකි මේ.

– මව්ලානා වාහිදුද්දීන් ඛාන් විසිනි – 

ආගම යනු කුමක්ද? ආගමේ සාරය අධ්‍යාත්මිකත්වයයි. ඇත්ත වශයෙන්ම ආගම යනු අධ්‍යාත්මික කලාවට තවත් නමකි. අනෙකුත් විද්‍යාවන් බාහිර ස්වභාවයක් ගන්නා අතර, ආගම යනු මිනිසාගේ අභ්‍යන්තරය අධ්‍යයනය කරන විද්‍යාවකි.මිනිසාට එකවිටම තිබෙන පැති දෙකක් ඇත. ඒවා නම් ශරීරය සහ ආත්මයයි. මේ දෙකෙහිම යහපැවැත්ම සහ ප්‍රගතිය සඳහා පෝෂණය අවශ්‍ය වේ. ආහාර සහ ජලය වැනි ද්‍රව්‍යමය දේ ශරීරයේ යහපැවැත්ම පවත්වා ගනී. මේ අනුව කෙනෙකුට දිගු
කලක් ආහාර හා ජලය නැති වුවහොත් ඔහුගේ ශාරීරික සෞඛ්‍යය පිරිහෙනු ඇත. එවන් තත්වයක් නොකඩවා පැවතුනහොත්,ඔහු හෝ ඇය කුසගින්නෙන් මිය යනු ඇත.

එසේම මිනිසාගේ ආත්මයට අවශ්‍ය වන දේ දිගු කාලයක් නොලැබුනේ නම් එම ආත්මයද පිරිහෙනු ඇත. ආත්මයේ ආහාරය අධ්‍යාත්මිකය හෙවත් දේව විශ්වසාය වන අතර එය මිනිසාගේ ආත්මය ශක්තිමත් කරයි. ආගම යනු මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතයේ යහපැවැත්ම සඳහා වන සහතිකයකි.

ආගම යනු ඇත්ත වශයෙන්ම සත්‍යයේ නිරූපණයකි. සත්‍යය ආගම වන අතර ආගම සත්‍යයය වෙයි. පොහොසත් හෝ දුප්පත්, බලවත් හෝ බල රහිත වේවා ඒ සැමටම ආගමක් අවශ්‍ය වේ. ආගම මිනිසාට තම ජීවිතයට ආරම්භක ලක්ෂ්‍ය්‍යක් සපයයි. ආගම අහිමි වූ කෙනෙකුට ඔහුගේ ජීවිතයේ ආරම්භක ස්ථානයක් තිබෙනු නොමැත.

අගමික වියතුන් පැහැදිලි කරන්නේ සැබෑ ආගම යනුිමම කවුද?’ යන ප්‍රශ්නයට පිළිතුර බවයි. මැවීමේ රහස මිනිසාට පැහැදිලි කරන්නේ ආගමයි. එමගින් එය මිනිසාට ජීවිතයේ නිවැරදි දර්ශනය ලබා දෙයි. ජීවිතයේ මාර්’ගෝපදේශක පොතක් වන ආගම, මිනිසා නොදැනුවත්කමේ අන්ධකාරයෙන් පිටතට ගෙන එන අතර යථාර්’තය ආලෝකය කරා ඔහුව ගෙන යයි. ආගම මිනිසා හොඳ පුරවැසියෙකු බවට පත් කරයි. එය මිනිසාට සත්‍යයට ආදරය කරන මිනිසෙකු ලෙස සමාජයේ තම ජීවිතය ගත කිරීමට උපකාරී වන සදාචාරාත්මක සංග්‍රහයක් ලබා දෙයි. අන් අයට කරදරයක් නොවන පුද්ගලයෙකු වීමට මිනිසාට ආගම හැකියාව ලබා දෙයි. එය මිනිසා හුදෙක් අන් අයගගෙන් දේවල්ිගන්නා’ කෙනෙකු නොව, අන් අයට දේවල් ‘දෙන්නෙකු’ බවට බවට පත් කරයි.

ආගම මිනිසාගේ දුෂ්කර කාලවලදී ඔහුට සහය වෙයි. තවද ආගම යනු අර්බුද කළමනාකරණය කිරීමේ කලාවයි. එය මිනිසා අර්’බුදයකට ගොදුරු වීමෙන් ගලවා ඒ වෙනුවට ඔහු අර්’බුද මගින් බුද්ධිමය පෝෂණය ලබා ගනියි.

ආගම බුද්ධිමය සෞඛ්‍යයේ ලකුණකි. එය කෙනෙකුට සෘණාත්මක අත්දැකීම් ධනාත්මක ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට; ඔහුගේ අඩුපාඩු යනු ලාභ ප්‍රයෝජන බවට පත් කර ගැනීමට මෙන්ම සතුරා මිතුරෙකු බවට පත් කිරීමට හැකියාව ලබා දෙයි.

ආගම යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් පමණක් නොවේ. එසේම ආගමට ලැදි පවුලක ඉපදීම හෝ කිසියම් ආගමික කණ්ඩායමකට නාමිකව අයත් වීම පමණක් කෙනෙකු ආගමික පුද්ගලයෙකු බවට පත් කරන්නේ නැත. මේ සියල්ල බාහිර දේවල් පමණක් වන අතර ආගමේ සැබෑ සාරය නොවේ. ආගමේ සැබෑ යථාර්’ථය යනු අභ්‍යන්තර අවබෝධයයි. එය සියලු බාහිර දේවලට ඉහළින් තිබෙන්නකි.

ආගම මිනිසෙකු තුළ නිවැරදි චින්තනය ඇති කරයි. එය සාමාන්‍ය ඇසට නොපෙනෙන දේවල් දැකීමට සහ හැගීමට මෙන්ම ප්‍රබල ලෙසින් විශ්වාස කිරීමටද කෙනෙකුට හැකියාව ලබා දෙයි. තවද එය මිනිසාට අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට සලස්වන අතර වර්තමානයේ සිටම අනාගතය දැකීමේ හැකියාවද ලබා දෙයි. කෙටියෙන් කිවහොත් ආගම සාමාන්‍ය මිනිසා නම් වන සත්වයා උදාර හා ආදර්ශමත් උතුමෙකු බවට පත් කරයි. එහෙයින් ආගම යනු මානව ප්‍රගතියේ එකම මූලාශ්‍රයයි.

අපගේ ලෝකයට පැතිකඩ දෙකක් තිබේ. එකක් දෘශ්‍යමාන ලෝකය වන අතර අනෙක නොපෙනෙන ලෝකය වේ. දෘශ්‍යමාන ලෝකය සාගරයේ ගිලී ඇති හා කුඩු මුදුනක් පමණක් පිටතට නෙරා ඇති අයිස් බර්ග් නම් වන අයිස් කන්දකට සමාන කළ හැකිය. එහි නිරීක්‍ෂණය කළ හැක්කේ ඉතා කුඩා කොටසක් පමණක් වන අතර දැවැන්ත කොටස ජලයේ ගිලී සැඟවී පවතී. ආගම මිනිසාට ජීවිතයේ නම් වන මුහුදේ පත්ලටම කිමිදී ගොස් එම අයිස් කුට්ටියේ ප්‍රධාන කොටස දැකීමට හැකියාව ලබා දෙයි.

මිනිසා කෙතරම් පොහොසත් හෝ උගත් හෝ බලපුළුවන්කාරකම් ඇත්තෙක් වුවද සිය ජීවිතයේ ඔහු අසරණ බවට පත් වන අවස්ථා නිතර හට ගන්නා ආකාරය ලොව අප දකින්නෙමු. ජීවිතයේ සියලු දේ ඔහුගේ අත්වලින් ගිලිහී ගොස් ඇති බව ඔහුට හැඟෙන විට ඔහුට එකම ගැළවුම්කරුවා ලෙස පෙනෙනු ඇත්තේ ආගමයි. මෙවන් අවස්ථාවල අදේවවාදීන් තමන්ට පිහිටක් නැති බව හැගී සිහි විකල් වෙති. මිනිසාට ඇති වන අලාභ පාඩු ව්‍යශන තුරන් නොවුවද ඒවායෙහි යතාර්ථය වටහා හිත හදා ගන්නට ඔහුට ආගමික විශ්වාසය ශක්තිය සහ ධෛර්’ය ලබා දෙයි.

සත්‍ය ආගම සියලු යහපත් ආචාර ධර්මවල මූලාශ්‍රයයි. තවද සැබෑ ආගම තමන්ට වරදක්, හිංසාවක් හෝ අපරාධයක් කළ
තැනැත්තාටද සමාවේ දීමේ මානසිකත්වය ලබා දෙයි. තවද මෙලොව අනිත්‍ය බව අගාම අවධාරණය කරන හෙයින් තණ්හාව සහ ඊර්’ෂාව ඔහු කෙරෙන් ඉවත් කරයි. තවද ආගමික විශ්වාසය ඇති පුද්ගලයා මිනිසුන්ගේ වැරදි ඉවසයි. ඔවුන්ට කාරුණික වෙයි. වෙනස්කම් කිරීමකින් තොරව මිනිසුන්ට සමානව ගරු කරයි. ඔහු අයුක්තිය පිළිකුල් කරමින් සැමවිටම යුක්තිගරුකවම කටයුතු කරයි. තම සතුරන්ට පවා යුක්තියෙන් හා සාධාරණත්වයෙන් ඔහු සලකයි. සමාජයෙන් ඵලප්‍රයෝජන ගන්නෙකු වෙනුවට ඔහු සමාජයට තමාට හැකි ආකාරයෙන් පිහිට වෙයි.

තවද සත්‍ය ආගම කෙනෙකුව ප්‍රතිපත්තිගරුක මිනිසෙකු බවට පත් කරයි. එමෙන්ම ඔහු වටා එකදු මිනිසෙකු නොසිටි විටද ඔහු පාපයට යොමු නොවීමේ හැකියාව ලබා දෙන ස්වයං පාලනයක් සහ ස්වයං විනයක් වර්ධනය කර ගනියි. ආගමික විශ්වාසය ඇති මිනිසෙකු,ගේ ක්‍රියා කලින්ම අනුමාන කළ හැකි ඒවා වනු ඇත. එනම් කිසිවෙකු විශ්මයට හෝ කම්පාවට පත්වන ක්‍රියා ඔහුගෙන් සිදු නොවේ.

ආගමික පුද්ගලයෙකු යනු බැරෑරුම් මනසක් ඇති සහ අවංක පුද්ගලයෙකි. ඔහු සැමවිටම තමා ගැනම ඇගයීමක් සිදු කරමින් සිටියි. ඔහු තමා තුළම වැරදි නිවැරදි කර ගැනීමේ යාන්ත්‍රණයක් වර්ධනය කරයි. මෙම ගුණාංගය ඔහුගේ පෞරුෂයට දිනෙන් දින නව ජීවයක් එක් කරයි.

මිනිසා තුළ මෙවන් උතුම් ගුණාංග ආගම රෝපණය කරන්නේ කෙසේද? ඒ ආගමේ එක් අන්තයක් සියලු යහපතෙහි උල්පත වන සර්බ බලය ඇති දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධ වී ඇති බැවිනි. දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම සතුට හා සැනසීම දෙන එකම මූලාශ්‍රයයි. සත්‍ය ආගම මිනිසාව දෙවියන් වෙතට නැඹුරු කරයි. තවත් ලෙසකින් කියනවා නම් ආගමික විශ්වාසය ඇති මිනිසෙකුගේ ජීවිතය දෙවියන් වහන්සේට නැඹුරු වු ජීවිතයකි. ඔහු දුකෙහි මෙන්ම සැපෙහිද සහ තම සියලු කටයුතුවලදී තුති පිදීමට සහ පිහිට පැතීමට හැරෙන්නේ දෙවියන් වෙතටය. ආගමික පුද්ගලයෙකුව කිසිවෙකු හෝ කිසිවක් විසින් පරාජය කළ නොහැකි තැනැත්තෙක් බවට පත් කරන්නේ මෙම දිව්‍යමය නැඹුරුතාවයයි. ආගමික විශ්වාසය ඇති තැනැත්තා ඉතාම ප්‍රබල බලවතෙකුගේ අනුග්‍රහය ලබන පුද්ගලයෙක් වැනිය. ඔහු කිසිවකින් කම්පා වන්නේ නැත්තේ. ඔහු මිනිසුන් අතර සිටි බලවත්ම පුද්ගලයා වෙයි.

දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය ඇති පුද්ගලයෙකු පරාජය කළ නොහැකි මිනිසෙකු බවට පත්වීමේ නිදසුනට එක සිද්ධියක් මෙහි විස්තර කරනු ලැබේ. දිනක් ඇමරිකානු වෙරළ තීරයේ සිට අපික්‍ර ාව බලා නැවක් යාතා්‍ර විය. පසුව අත්ලාන්තික් සාගරයේ දරුණු කුණාටවු කට එය හසු විය. නැවද දරුණු ලෙස එහා මෙහා සෙලවීමටද අඩට යන්නට හා පහත වේගයෙන් එන්නටද පටන් ගත්තේය. එහි සිටි සියලුම මගීන් භීතියට පත් වි විලාප තියමින් නෞකාවෙහි එහා මෙහා දුවන්නට වුහ. නැව ඕනෑම මොහොතක ගිලෙනු ඇතැයි සියල්ලෝම සිතූහ.

එවිට කුඩා ගැහුණු ළමයෙක් බෝනික්කෙකු සමග සෙල්ලම් කරමින් සතුටින් සිටිනු දුටු එක් මගියෙක්ිමේ නැවට කුමක් සිදුවෙමින් තිබෙනවාද කියා ඔබ දන්නවාදැයි?’ විමැතියෙන් ඇසුවේය. එවිට නැවට කුමක් සිදු වන්නේද කියා දරුවා පෙරලා ඇසුවාය. නැව කුණාටුවකට හසුව තිබෙන බවද කුමන මොහොතේ හෝ එය පෙරලී නැවේ සිටින සියල්ලන්ම මුහුදේ ගිලී මැරෙණු ඇති බවද ඔහු දරුවාට හැඬු කඳුලින් විස්තර කළේය. එවිට එම කුඩා දරුවා කොක් හඬලා සිනාසීිපිස්සුද? කවදාවත් එහෙම දෙයක් වන්නේ නැහැ. ඇයි දන්නවද? මේ නෞකාවේ කපිතන් මගේ පියාය. ඔහු අති දක්‍ෂ නායකයෙකි’ යැයි පවසා බෝනික්කා සමග සෙල්ලම් කරන්නට වුවාය. පියා කෙරෙහි එම දරුවාට තිබුනු නොසෙල්වෙන විශ්වාසය නිසා නෞකාවක් ගිල්වන යෝධ රළ පවා ඇයට බියක් ගෙන දුන්නේ නැත.

දෙවියන් කෙරෙහි අචල විශ්වාය ඇති තැනැත්තාද මෙවන් අයෙකි. ජීවිතයේ කිසිවකින් ඔහුව කම්පා කළ නොහැකිය. මන්ද ඔහු ගමන් කරන නැවේ කප්පිත්තා අති දක්‍ෂ හා සියලු හැකියා ඇතිිසර්ව බලධාරියෙකු’ බව ඔහු හොඳින් දන්නා හෙයිනි.