අබ්දුල්ලා මවුලව්තුමාගේ අභාවය සමාජයට පිරිමැසිය නොහැකි පාඩුවක් – ආගමික නායකයින් කියයි

0
31

NEWSNOW| –

NEWSNOW| –   පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම සභාපති, පුත්තලම දිස්ත්‍රික් ජමියතුල්
උලමා සභාවේ හිටපු සභාපති සහ කාස්මියා අරාබි විද්‍යාලයේ හිටපු විදුහල්පති අෂ්ෂෙයික් අබ්දුල්ලා මහමුද් ආලිම් මහතා රෝගාතුර වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත අබ්දුල්ලා මහමුද් මවුලවිතුමා වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් 21 වන දා කාස්මියා අරාබි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික්කයේ සර්’ව ආගමික නායකයින් සහභාගී වූ මෙම අනුස්මරණයේදී ඔවුන් අබ්දුල්ලා මවුලවිතුමා සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඇතිකර ගත් ගැඹුරු සබඳතාව, ඔහු පුත්තලම ප්‍රදේශයට සිදුකළ මෙහෙවර සහ ඔහුගේ පෞද්ගලික ගුණාංග පිළිබඳවත් සිහිපත් කළහ.

කාස්මියා අරාබි විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා වන අෂ්ෂෙයික් එච්.එම් මින්හාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පුත්තලම දිස්ත්‍රික් සර්ව ආගමික සංවිධානයේ සම සභාපතිවරයෙකු වන සුන්දර් රාම කුරුක්කල්තුමා සිය කතාවේදී අභාවප්‍රාප්ත අබ්දුල්ලා මවුලවිතුමාගේ ප්‍රතිරූපය කෙබදු දැයි ඉතාම සංවේගයෙන් යුතුව අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ අබ්දුල්ලා මවුලවිතුමා හින්දු ආගමික දේව මෙහෙවර සඳහා පුත්තලමට පැමිණි අවස්ථාවේ සිට අභාවප්‍රාප්ත වන තෙක් ජනතාව සහ ඔහු අතර පැවති ආත්මීය සබඳතාව අද්විතීය බවයි. මේ නිසා ඔහුගේ වියෝව සැබවින්ම ප්‍රජාවට, ප්‍රදේශයට සහ පෞද්ගලිකව පවුලට පාඩුවක් බව පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, අබ්දුල්ලා මවුලවිතුමා තම ජීවිත කාලය තුළ බොහෝ දේවලින් ආදර්ශයක් ලබා දුන් ආකාරය සහ ඔහුගේ දරුවන් ද එයම කරන ආකාරය පිළිබඳ උදාහරණ දෙමින් ඔහු සඳහන් කළේය.

ඔහුගේ එංගලන්ත සංචාරයේදී අබ්දුල්ලා මවුලවිතුමාගේ වැඩිමහල් පුත්‍රයා ඔහුව පිළිගෙන තම පියාට මෙන් ඔහුට කළ ගෞරවය ගැන දැඩි ලෙස කථා කළේය. එය සෑම කෙනෙකුටම ලබා දිය නොහැකි ආදර්ශයකි. ඔහුගේ දරුවන් අන් අයට ගරු කිරීමට විදෙස් රටකට ගොස් තිබියදී පවා මෙරට සිරිත් පිළිපැදීම ඇත්තෙන්ම සතුටට කරුණකි.

ඒ විතරක් නොවෙයි, පුත්තලම හින්දු ආගමික ප්‍රජාව මුහුණ දුන් ගැටළුවක් වූ
පෙරහැර සාමකාමීව පැවැත්වීම හා සම්බන්ධ ගැටළුවකට ඔහු ඉදිරිපත් වී ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කළ ආකාරය විදුහල්පතිතුමා සිහිපත් කළේය.

එසේම අබ්දුල්ලා මවුලවිතුමාගේ ආදර්ශය අනුගමනය කර මෙම කාර්යයට සම්බන්ධ වී ඔහු මෙන් වැඩ කරන ලෙස ඔහු කාසිමියා පාසලේ සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

දිස්ත්‍රික් සර්වාගමික සමිතියේ සම සභාපතිවරයෙකු වන සාමාජික පූජ්‍ය බුද්ධියාගම රත්න හිමි සහ ක්‍රිස්තියානි ආගමික නායක කෙනඩි පියතුමා සහ යොහාන් ජයරාජ් පියතුමාද අබ්දුල්ලා මවුලවිතුමා පිළිබඳ සොඳුරු මතකයන් බෙදාහදා ගත්හ.

කාසිමියා අරාබි විද්‍යාලයේ සභාපති එස්.ආර්. එම් මුහම්මිල්, විධායක සභික අෂ්ෂෙයික් ෆාරිස් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන දිස්ත්‍රික් අන්තර් ආගමික විධායක කමිටු සාමාජික අෂ්ෂේක් අබ්දුල් මුජීබ් මවුලවිතුමා විසින් මෙහෙයවන ලදී.

එංගලන්තයේ පදිංචි අබ්දුල්ලා මවුලවිතුමාගේ වැඩිමහල් පුත් ආචාර්ය අයිෂාන් මහමුද් ස්තුති කතාව කළේය.

මෙම සැමරුම පුත්තලම ප්‍රදේශයේ දක්නට ලැබෙන සමාජ සංහිඳියාවේ ගැඹුර ප්‍රදර්’ශනය කළ තවත් විශිෂ්ට අවස්ථාවක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.