මේ වසරේ ගතවූ දින 21 තුළ මී උණ රෝගීන් 800ක් වාර්තා වී තිබේ.
පසුගිය වසරේදී මි උණ රෝගීන් 13,000 කට වැඩි ප්‍රමාණයක් වාර්’ත වී තිබුණි. ඉන් රෝගීන් 203 දෙනෙක් මිය ගොස් තිබේ.
සෑම වසරකම රෝගීන් වැඩිපුරම වාර්’තා වෙන්නේ රත්නපුර, ගාල්ල, මොණරාගල, කෑගල්ල, හම්බන්තොට සහ කළුතර වැනි දිස්ත්‍රික්ක වලිනි. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස්ව තිබේ. මේ දිස්ත්‍රික්ක වගේම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, වැනි දිස්ත්‍රික්ක වලිනුත් රෝගීන් වාර්’තා වීම ඉතා වැඩි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය පවසයි.
දැනට තිබෙන දත්ත අනුව වැඩි ප්‍රමාණයක් වී ගොවීන් මෙම රෝගයට ගොදුරු වෙයි. දත්ත විශ්ලේෂණය කිරීමේදී වෙනත් කණ්ඩායම්ද මී උණ රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇත. ගංවතුර වගේ තත්ව වලදී ගංවතුරින් පස්සේ මේ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. ධීවර කර්’මාන්ත යෙදෙනෙන අය වගුරු බිම් ආශ්‍රිතව රැකියා හෝ ක්‍රියාකාරකම්වල යෙදෙන අය, කොහිල කොටු, කීර කොටු වැනි තැන්වල ක්‍රියාකාරකම්වල යෙදෙන අයද මෙම රෝගයට ගොදුරු වීමේ අවධානමක් දකින බව විශේෂඥ වෛද්‍යවරිය පැවසීය.
මේ මේ උණ රෝගයට ගන්න ප්‍රති ජීවක ඖෂධය පූර්’ව ප්‍රතිකාරයක් ලෙස ගන්න කොට නියමිත වෛද්‍ය උපදෙස් පිළිපැද අදාළ සෞඛ්‍ය පරීක්ෂක හරහා ලබාගත යුතුය. නිසි වෙලාවට නිසි මාත්‍රාව ලබා ගතහොත් අතුරු ආබාධ ඉතාම අවම වන බව වෛද්‍යවරිය පැවසීය. සාමාන්‍යයෙන් අපි මිලියන හතරක් පමණ ප්‍රති ජීවක ඖෂධය බෙදා හරින බවත් එම ප්‍රතිජීවක ඖෂධය ලබාගන්නා විට නියමිත ආකාරයට ලබා ගතහොත් ඉන් අතුරු ආබාධ නොවැළඳෙන බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
මෙම ප්‍රතිජීවක ඖෂධය ගැනීමෙන් පසු මී උණ වැළඳුණු පුද්ගලයින් සංඛ්‍යාව ඉතාම අවමයි. නොපමාව ප්‍රතිකාර ගතහොත් මේ රෝගයෙන්ම මාරාන්තික හෝ සංකූලතා ඇති නොවන බවද ඇය පැවසීය. ප්‍රතිකාර නොගත්තොත් හෝ නිසි වේලාවට ඖෂධ නොලැබුණ හොත් හෝ මෙම රෝගය උත්සන්න වෙලා මරණය පවා සිදුවෙන්න පුළුවනි. මේ රෝග කාරකය සිරුරට ඇතුළු වෙලා මොළය පෙනහළු අක්මාව හෘදය ඕනෑම අවයවයකට හානි කරන්න පුළුවනි. මී උණ රෝගයෙන් වැලකෙන්න ක්‍රියාමාර්’ග ගණනාවක් ගන්නවා පුළුවන්. මේ පිළිබඳව දැනුවත් කිරීම ගොවි සංවිධාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්’යාල හරහා සිදු කරනවා යැයි විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
“මේ දින වල උතුරු නැගෙනහිර පළාත් වල පවතින ගංවතුර තත්ත්වයත් සමඟ මී උණ රෝගයෙන් වැළඳීමෙන් වැලකී සිටීමට නම් විශේෂ ක්‍රියාමාර්’ග අනුගමනය කළ යුතුයි. ගංවතුරට නිරාවරණය වෙනවා නම් ඒ වතුරට බහිනවා නම් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. තුවාල, කකුල් පැලීම්, සීරීම් දිලීර ආසාදන, තිබෙනවා නම් ඒ තුවාල ප්ලාස්ටරයකින් හෝ ජලය සමඟ නොගැටෙන ලෙස ආවරණය කරගෙන ඕනේ වතුරට බහින්න. පුළුවන් තරම් ගං වතුරට භාජනය වූ පුද්ගලයන් හෝ ගංවතුරට භාජනය වෙච්ච පුද්ගලයන්ව බේරා ගැනීමට හෝ මුදාගැනීමට මෙහෙයුම් කරන පුද්ගලයන් නෙවෙයි ගංවතුරට ගිහිල්ලා සෙල්ෆි ගන්නවා සෙල්ලම් කරනවා වෙනත් පාරු පැදීම් වගේ දේවල් කරනවා ඒ අයත් මේ ගැන සැළකිලිමත් විය යුතුයි” ඇය කියා සිටියාය.
කුඹුරු වැඩ අස්වැන්න නෙලන කාලයේදී නම් විශේෂයෙන්ම උණ වගේ රෝගී තත්ත්වයක් ඇති වුනොත් මේ පිළිබඳව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම ඉතා වැදගත්. කුඹුරු අවට හෝ දියකඩිති වල මසුන් ඇලීමේදී හෝ දිය නෑ මේන් පසු හෝ රෝග ලක්ෂණ මතුවෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න යනුවෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය කියා සිටියාය.