හිටපු ආගමන විගමන පාලක හර්’ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණයට

0
200

NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්’ෂ ඉලුක්පිටිය මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් විසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා ඉකුත් සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර ඒ සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හර්’ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.