තුර්’කියේ හෝටලයක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් මරුට

0
89

NEWSNOW| – වයඹදිග තුර්කියේ බොලු පළාතේ කර්තාල්කායා නිවාඩු නිකේතනයේ හෝටලයක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්නෙන් 10 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියහ. 32 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බලධාරීහු පවසති.

නිලධාරීන් පැවසුවේ, ලී සිවිලිම් සහිත තට්ටු 12 කින් යුත් හෝටලයක ගින්න හටගෙන ඇති බවයි.

කඳු මුදුනේ පිහිටි Grand Cartel හෝටලයේ ගින්නක් හටගෙන ඇති අතර මධ්‍යම රාත්‍රිය වන විට ගින්න අවන්හල පිහිටි ප්‍රදේශයට වේගයෙන් පැතිර ගොස් තිබේ.

ගින්න හටගත් ස්ථානයේ සිට අමුත්තන් සොයා ගැනීම අපහසු වූ බව පැවසූ නිලධාරීහු, අමුත්තන් 234ක් හෝටලයේ නවාතැන් ගෙන සිටි බවද සඳහන් කළහ.

ගිනි නිවන භටයන් වහා මෙහෙයුම්වල නිරත වූ බව නිලධාරීහු පවසති. ගින්න පැතිර යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පුද්ගලයින් 234 දෙනෙකු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.