පාර්’ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්’චුනාට එරෙහිව පොලීසියෙන් විමර්’ශනයක්

0
118

NEWSNOW | – පාර්’ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්’චුනාට එරෙහිව පොලීසිය විසින් විමර්’ශනයක් ආරම්භ කර තිබේ.

ඒ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙනි.

පාර්’ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ඔහු අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්’ශනයක් ක්‍රියාත්මක බව බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.