දුම්රිය එන්ජිමක් හදිසියේ ගිනි ගනී

0
108

NEWSNOW| –  බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම අද(20) පස්වරුවේ දිසියේම ගිනි ගැනීමකට ලක්ව තිබේ.

සවස එම සිදුවීම වාර්තා වූයේ එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදීය.

කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බව වාර්තා වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි ගත් දුම්රිය එන්ජිම වෙනුවට වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන අදාළ දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බවය.