අම්පාර ගල් ඔයෙහි ඉවුරු කැඩී යාමෙන් ගංවතුර තත්ත්වයක්

0
122

NEWSNOW | –  අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයක් මතු විය.

මේ නිසා දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර1000 ක් ජලයනි යටවී ඇති බවද වාර්’තා වේ.

මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බවද වාර්’තා වේ.

කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් වාර්’තා වී නොමැත.

ගල් ඔයේ ජල ධාරිතාවය වැඩි නිසා ඉවුරේ පුරවපු කොටසක් කැඩී ගිය බව වාරිමාර්’ග දෙපාර්’තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකය පවසයි.