ත්‍රිරෝදරථ – බස් අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්‍ෂයට

0
149

NEWSNOW | –  මහනුවර, මයිලපිටියේදී ඊයේ (19) සිදුවූ ත්‍රිරෝද රථ – බස් රථ අනතුරකින් උඩුදෙණියේ පදිංචි පාසල් සිසුවියක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර බදියුදීන් මහමුද් කාන්තා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකින් එක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථා වේ ත්‍රිරෝද රථයේ එම දැරියගේ මව සහ පියාද සිට තිබේ. ත්‍රිරෝද රථය පදවා ඇත්තේ මෙම දැරියගේ සහෝදරයා විසිනි. දැරිය එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇත. තුවාල ලැබූ මව පියා සහ සහෝදරයා රිකිල්ලගස්කඩවල රෝහලේ ප්‍රතිකාර ලබයි.