දුම්රිය මගී අපහසුතා ගැන හොයන්න ඇමති දුම්රියේ යයි

0
75

NEWSNOW | – ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්’යාල දුම්රියක සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කරනු දක්නට ලැබුණි.

අමාත්‍යවරයා මගීන් සමඟ කතාබහ කරමින් සිටින ඡායාරූප සමඟ පළවූ සමාජ මාධ්‍ය සටහන්වලින් හෙළි වූයේ ඔහු දුම්රිය මගීන් මුහුණ දෙන ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවල කර ඇති බවය.

මාධ්‍ය දැනුම්දීමක් නොමැතිව සිදුකළ මෙම චාරිකාවේදී, නිතර නිතර දුම්රිය ප්‍රමාදයන්, ක්‍රියා විරහිත විදුලි පංකා, දුම්රියවලට ගොඩවීමේදී ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග, ධාවන පථවල සහ දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්වයන් සහ ආරක්ෂිත අවදානම් ඇති කරන යල් පැන ගිය දුම්රිය අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව මගීන් කනස්සල්ල පළ කළ බව වාර්’තා වේ.