පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් විශාන්ත මහතා පත් වෙයි

0
156

NEWSNOW | – පොලිස් විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) දින සිට පත් කරයි.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇත.

ස්ථීර වශයෙන් විශේෂ ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් විශාන්ත මහතා එම තනතුරේ රාජකාරී සඳහා පත්කර ඇත.

මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම් දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇති බව පොලිසිය කියයි.