ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

0
197

NEWSNOW| – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සංවිධානය පැවසුවේ අද (19) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, උකුවෙල, රත්තොට, විල්ගමුව‍ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය සඳහා අවදානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, දොළුව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, මාතලේ සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ සඳහන් ව තිබේ.