NEWSNOW| – ලෝකයේ බොහෝ දෙනෙක් බලා සිටින ගාසා තීරයට සාමය උදාකරන සටන් විරාමය හෙටින්(19) ආරම්භ වීමට නියමිතව තිබේ.
මාස 15ක් පුරා පැවති ගාසා යුද්ධයට කෙටි නිමාවක් හෙට මලක්සනිටුහන් කරයි.
සටන්විරාම සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ ගිවිසුමකට එකඟ වූයේ පසුගිය බදාදා දිනයේදීයි.
ඒ අනුවහFපඇමාස් ඊශ්‍රායල සටන් විරාම ආරම්භ වීමෙන් පසුව
හමාස් ඊශ්‍රායල සටන් විරාම ආරම්භ වීමෙන් පසුව තමන් සතුව සිටින පලස්තීන සිරකරුවන් 2000ක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටියි.මේ 2000න් 250 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ අය වෙති. තවත් 500ක් උසාවි නියෝග මත සිරදඬුවම් විදින අය වෙති.
ඔක්තෝබර් 07 වනදා සිට ඊශ්‍රායලය විසින් විටින් විට අත්අඩංගුවට ගත් පලස්තීන සිරකරුවන් 10,000 කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදාව භාරයේ සිටිති.
මීට අමතර හමාස් සංවිධානය භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින 100ක පමණ පිරිසෙන් 33 දෙනෙකු ඔවුන්ද නිදහස් කිරීමට කැමැත්ත පල කර ඇත. 33න් මානුෂීය ලෙස නිදහස් කළ යුතු කාන්තාවන්, ළමයි සහ වැඩිහිටියන්ද ඇතුළත් වෙති.
අමෙරිකාව, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුවේ මැදිහත්කාරිත්වයෙන් ඇතිකර ගත් සටන්විරාම ගිවිසුමට ඊයේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව දෙපාර්ශ්වය අතර සටන්විරාමය හෙට දිනයේ සිට බලගැන්වෙනු ඇති.
සති හයක කාලයක් හෝ අවශ්‍ය නම් ඊට වැඩි කාලයක් තුළ අදියර තුනක් යටතේ මෙම සටන්විරාමය ක්‍රියාවට නැංවේ.
එහිදී ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීම, පලස්තීන සිරකරුවන් මුදාහැරීම, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත්කර ගැනීම, සිදුවීමට නියමිතය.
එමෙන්ම ගාසා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සහ යුද්ධයෙන් හානි වූ නගර ගොඩනැංවීමද ඒ යටතේ සිදුකිරීමට නියමිතයි.
සියලු පියවර එලෙසම ක්‍රියාත්මක වුවහොත් ආරම්භයේ සිට දින 16කින් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ගාසා තීරයෙන් ඉවත්කර ගැනෙනු ඇති.
2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල භූමියට පිවිස 1,200කට අධික පිරිසක් ඝාතනය කළ අතර, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබීය.
ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා හි ක්‍රියාත්මක කළ මෙහෙයුමෙන් සහ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 47,000කට ආසන්න පිරිසක් මියගිය අතර ගාසා තීරය සුන්බුන් ගොඩක් බවට ද පත්විය.