සෞදි අරාබි තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් අගමැතිනිය හමුවෙයි

0
234

NEWSNOW | – ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලීඩ් හමුවුඩ් නසීර් අල්කටානි සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්’ලිමේන්තු මන්ත්‍රී ජොසේ ඉග්නසිඕ යන මහත්වරු අග්‍රාමාත්‍ය ආචාර්’ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්’යාලයේ දී හමුවිය.

රජයේ මූලික අරමුණ පළමු වසර දෙක තුළ රටේ ආර්’ථිකය නඟා සිටුවීම බව අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය.

මෙම හමුවේදී මෙරට වෙළඳ, සංචාරක, පරිපාලන ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡා කළහ.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කැර්මන් මොරෙනෝ, ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානියා සන්චෙෂ් එමෝර් යන මහත්වරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ