මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්. දෙදෙනෙකු මරුට

0
234

NEWSNOW | – මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.