ගාසා තීරයේ සටන් විරාමය 15 වනදා සිට ක්‍රියාත්මකයි

0
46

NEWSNOW | – මාස 15ක යුද්ධයකින් පසු හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව මැදිහත්කරුවන් තහවුරු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන් සැමරීමට පටන් ගෙන තිබේ.එම සටන් විරාමය ජනවාරි 19 වන ඉරිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා ගාසා තීරය පුරා ඔවුන්ගේ ප්‍රහාර දිගටම කරගෙන යන අතර, ගිවිසුම ප්‍රකාශයට පත් කළ දා සිට අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කටාර් අගනුවර වන දෝහා හි ඇති කරගත් ගිවිසුම, ඊශ්‍රායල හමුදා සම්පූර්’ණයෙන් ඉවත් කර ගැනීම, අවතැන් වූ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලට නැවත පැමිණීම සහ යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීම ඇතුළු පලස්තීන කණ්ඩායමේ සියලුම කොන්දේසි සපුරාලන බව හමාස් නිලධාරි ඉස්සාත් අල්-රිෂෙක් පවසයි.“දුසිම් ගනනක් ප්‍රාණ ඇපකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල දුක් වේදනා අවසන් කිරීම සඳහා ගිවිසුමක් “ඉදිරියට ගෙන යාමට” සහාය වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ධුරයට පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තූති කළේය.

2023 ඔක්තෝබර් 7 වන දින සිට ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 46,707 ක් මිය ගොස් 110,265 ක් තුවාල ලබා ඇත. එදින හමාස් සංවිධානය ප්‍රමුඛ ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1,139 ක් මිය ගිය අතර 200 කට වැඩි පිරිසක් වහල්භාවයට ගෙන යන ලදී.