NEWSNOW| – චීනයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනපති ෂී ජින් පින් මහතා සමඟ අද (15) පස්වරුවේ සාකච්ඡා පැවැත්වූයේ ය.
එහිදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙහිදී ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ඇතුළත් ප්‍රදර්’ශන ශාලාව නැරඹීමට එක්ව තිබේ. මේ
ඊට අමතරව චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුකාගාරය නැරඹීමටද ගොස් ඇත.
මේ අතර මහජන චීන සමූහාණ්ඩුවේ නිර්’මාතෘ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස එක්ව ඇත.
ඉන්පසු චීන මහජන ශාලාව වෙත අද පස්වරුවේ පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන හමුදාවේ උත්තමාචාර මැද මහත් හරසරින් පිළිගනු ලැබීය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක හා චීන ජනපති ෂී ජින් පින් අතර හමුව එහිදී සිදුවිය.
රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවය.
එහිදී චීන ජනපතිවරයා පැවසුවේ,
“සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට අප සූදානම්. එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කරනවා.
එලෙසම ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට අප සූදානම්”.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
“චීනයේ ආර්ථික, කාර්’මික සහ තාක්ෂණ සහ යටිතල පහසුකම් සංවර්’ධන මෙන්ම මානව සංවර්’ධනය අතින් අත් කරගෙන ඇති දැවැන්ත ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.”
“ද්විපාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය ඇතුළු සියලු ක්ෂේත්‍රවල එක් චීනයක් ප්‍රතිපත්තිය වෙනුවෙන් අපේ රජය පෙනී සිටිනවා.”
“චීනය දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර මෙම සංචාරය අපගේ රටවල් සහ ජනතාවගේ අන්‍යොන්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් ශක්තිමත් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”