මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්’තා වීමේ ඉහළ යාමක්

0
184

NEWSNOW | – මේ වසරේ ගත වූ දින 14 තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

නමුත් මෙතෙක් කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැත.

මින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 374කි.

කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන් රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කළේය.

මේ අතර පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් සහ ඩෙංගු මරණ 24ක් වාර්තා වී ඇත.