ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්න සූදානම්

0
37

NEWSNOW| –   ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ  තාක්ෂණික කරුණු කිහිපයක් මත පමණක් බව ඊශ්‍රායලයේ 13 වැනි චැනල් ආයතනය පවසයි.

මෙම තත්ත්වය තුළ ගාසා තීරය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගාසා සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් අවසන් කිරීම සඳහා මැදිහත්කරුවන් වන කටාරයේ නැවත රැස්වී තිබේ. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මේ පිළිබඳ ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අවසන් අදියරේ සිටින බවට ඉඟි පළ වී තිබේ.

දෝහා හි පැවති මාධ්‍ය හමුවකදී කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Majid al-Ansari පැවසුවේ සාකච්ඡා “අවසාන අදියරේ” පවතින බවත්, ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවකට පැමිණීමට බාධාවක් වූ ප්‍රධාන ගැටළු “විසඳා ඇති” බවත්ය.

කොන්දේසි
ගනුදෙනුවේ පළමු දිනයේදීම හමාස් ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කරන බවට දෙපාර්ශ්වයම එකඟ වූ අතර ඊශ්‍රායලය ජනාකීර්ණ ප්‍රදේශවලින් සිය හමුදා ඉවත් කර ගැනීමට පටන් ගනී.

දින හතකට පසු, හමාස් විසින් අතිරේක ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකු නිදහස් කරනු ඇති අතර, ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට අවතැන් වූවන්ට නැවත උතුරු ප්‍රදේශයට යාමට ඉඩ දෙනු ඇත. ඒත් මිනිස්සුන්ට මුහුදුබඩ පාර දිගේ පයින් යන්න

ගාසා හි සලා අල්-ඩින් පාර දිගේ මංතීරුවක් හරහා කාර්, සතුන් ඇදගෙන යන කරත්ත සහ ට්‍රක් රථ සඳහා අවසර දෙනු ලැබේ. කටාර් – ඊජිප්තු තාක්ෂණික ආරක්ෂක කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන X-ray යන්ත්‍රයක් මගින් මාර්ගය නිරීක්ෂණය කරනු ලැබේ.

ගිවිසුමේ පළමු දින 42 තුළ ඊශ්‍රායල හමුදා ෆිලඩෙල්ෆියා මාර්ගයේ රැඳී සිටීමටත් නැගෙනහිර සහ උතුරු දේශසීමා ඔස්සේ මීටර් 800ක යුද මුක්ත කලාපයක් පවත්වාගෙන යාමටත් එකඟ වී ඇත.

පලස්තීන සිරකරුවන් 1000ක් නිදහස් කිරීමටද ඊශ්‍රායලය එකඟ විය. වසර 15ක් හෝ ඊට වැඩි කාලයක් සිරදඬුවම් විඳිමින් සිටින පුද්ගලයන් 190ක් පමණ ඒ අතර වෙති. ඒ වෙනුවට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 34 දෙනෙකු නිදහස් කරනු ඇත.

ගිවිසුමේ දෙවන සහ තෙවන අදියර සඳහා වන සාකච්ඡා සටන් විරාමයේ 16 වැනි දින ආරම්භ වේ.

බීබීසී