තද සුළං සහ මුහුද රළුවීම ගැන අවවාදාත්මක නිවේදනයක්

0
170

NEWSNOW| –   අද(14) දිනයේත් කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වනු ඇත.

එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට දැනුම් දී ඇත.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්’තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.