ලොව පුරා හින්දු බැතිමතුන් සමරන තෛපොංගල් උත්සවය අදයි

0
148

NEWSNOW| –  ලොව පුරා හින්දු බැතිමතුන් ඉතා ඕනෑකමින් සමරන ඔවුනගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබයි.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකේ.