NEWSNOW | – ගම්පොල, දවුලගල ප්‍රදේශයේදී පසුගියදා පැහැර ගැනීමට ලක්වූ 19 හැවිරිදි පාසල් සිසුවිය සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.
පැහැර ගැනීමට සම්බන්ධ සැකකරු ද අද(13) පෙරවරුවේ පොලිස් භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අම්පාර බස් නැවතුම් පොළේ සිට මහනුවර බලා යාමට නියමිතව තිබූ වායුසමනය කළ බස් රථයක රැඳී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පැහැරගත් පුද්ගලයා දැරිය නිවසට යවන බව දන්වා මහනුවර බලා යන බස් රථයට නැඟී ඇති අතර, නිශ්ශබ්දව සිටින ලෙසට තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
සෙනසුරාදා (ජනවාරි 11) උදෑසන වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දැරිය පැහැරගෙන ගොස් ඇති අතර එය ප්‍රදේශයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඇය හන්දෙස්ස ප්‍රදේශයේ නේවාසිකාගාරයක පදිංචිව සිට ඇති අතර, ඇය සහ මිතුරියක පාසල් යාමට පිටත්ව යන අවස්ථාවකදී පැහැරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පැහැරගැනීමේ ප්‍රධාන සැකකරු දැරියගේ පියාගේ පාර්ශ්වයේ ඥාතියෙකු බවත් එය විවාහ ප්‍රශ්නයක් මත සිදුවූවක් බවත් අනාවරණය වී ඇත.
වැඩි කල් නොගොස් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් පොලිසිය පැහැර ගැනීමට යොදා ගත් රථය ද අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුදන් වූ දැරිය සහ ඇය පැහැරගත් අය සොයා පොලිස් කණ්ඩායම් තුනක් ද යොදවා තිබුණි.