අමෙරිකාවේ පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මිය ගිය ගණන ඉහළට

0
60

NEWSNOW | – අමෙරිකාවේ පැතිරයන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

ලොස් ඇන්ජලීස් හි පවතින තද සුළං හේතුවෙන් ගින්න තවත් වේගයෙන් පැතිර යන බව එම මාධ්‍ය වාර්’තා වල දැක්වේ.

මේ වනවිට ලොස් ඇන්ජලීස් අවට ළැව් ගිනි ගැනීම් පහක් සක්‍රිය තත්ත්වයේ පවතින බව වාර්’තා වේ.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් ලක්ෂ දෙකක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇත.

ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස්, ඊටන්, කෙනත්, හර්’ස්ට් සහ ලිඩියා ප්‍රදේශවල මෙම ළැව් ගිනි පැතිර යමින් පවතින අතර ඉන් යම් පමණක් පාලනය කර ඇත්තේ පැලිසේඩ්ස් ප්‍රදේශයේ පැතිර යන ගින්න පමණක් බව සඳහන් වේ.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත පොලිස් නිලධාරී රොබට් ලූනා පවසන්නේ, දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ රැසකට ළඟා වීම ආරක්ෂිත නොවනු ඇති බවයි.

මෙම ළැව් ගිනි හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව නියත වශයෙන්ම තවත් ඉහළ යනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

https://web.facebook.com/watch?v=612153237852557