ගතවූ මාස 17ක් තුළ ගුවන් ගමන් ප්‍රමාදයෙන් ඩොලර් 7 ලක්ෂයකට අධික පාඩුවක්

0
148

NEWSNOW | – ගතවූ මාස 17ක කාලය තුලදි ශ්‍රිලන්කන් ගුවන් සමාගම ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බව ජාතික විගණන කාර්’යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්’තාවේ සදහන් වේ.

2022/2023 මුල්‍ය වර්’ෂය තුළ ගුවන් ගමන් ප්‍රමාදයන් සහ බාදා කිරිම හේතුවෙන් ගුවන් සමාගම විසින් දරා ඇති මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් 784,000ක් බවද විගණන වාර්’තාවේ සදහන් වේ.

ප්‍රතිස්ථාපන ගුවන්යානා නියමිත වෙලාවට ලබා ගැනිමට නොහැකිවිම, සේවා කළ නොහැකි

එන්ජින් ගොඩබිම පැවතිම, ගුවන්යානා අමතරකොටස් ලබා ගැනිමට දිගු කාලයක් ගතවිම, සමාගමේ මුදල් ප්‍රවාහ තත්ත්වය යන කරුණු මෙකි ප්‍රමාදයන් සදහා ප්‍රධාන හේතු ලෙස හදුනාගෙන තිබුණි.

මෙකි ගැටළු විසදිම සදහා බහුවිධ අඛණ්ඩ ක්‍රියාමාර්’ග ගෙන ඇති බව ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.

ශ්‍රි ලන්කන් ගුවන් සමාගමේ 2023/2024 මුල්‍ය වර්’ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව තිබේ.