පෞද්ගලික බස් රථ සංගම් සහ පොලිසිය අතර සාකච්ඡා සාර්’ථකයි

0
121

NEWSNOW | – මෙම සාකච්ඡාව පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති අතර එම සාකච්ඡාව සාර්’ථක බව බස් සංගම් පවසයි.

ඒ අනුව, බස් සංගම් සැලසුම් කළ දීපව්‍යාප්ත වර්’ජනය සිදු නොකිරීමට තීරණය කර තිබේ.

පොලීසිය බස් රථවලට සිය සීමාව ඉක්මවා අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්’ජනය දියත් කිරීමට බස් සංගම් ඊයේ(07) එකඟතාවකට එළැඹ තිබුණි.

එවන් පසුබිමක් තුළ ඊට පෙර බස් සංගම් නියෝජිතයන් අද(08) පෙරවරුවේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පොලිස් මූලස්ථානයේදී සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී තීරණය කර ඇත්තේ වර්’ජන ක්‍රියාමාර්’ගයකට අවතීර්’ණ නොවීමට ය.