Home දේශීය පුවත් අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද
NEWSNOW | – අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 16 වැනි ගුණ සමරුව අද (08) දිනට යෙදී තිබුණි.
මෙහිදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය මෙම සිද්ධිය පිටුපස ඇති සත්‍ය සොයා බලා යුක්තිය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරා කියා සිටියේ මරණය සිදුවී වසර 16ක් ඇතුළත ආණ්ඩු හතරක් පත්වූ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්’ශනය කිරීමට කිසිවකුට දේශපාලන අරමුණක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය (NPP) රජය ලසන්ත වික්‍රමතුංගගේ මරණය පමණක් නොව තවත් ඉහළ පෙළේ සිද්ධීන් කිහිපයක් ද විමර්ශනය කිරීමට පොරොන්දු වී ඇති බව ඔහු පැවසීය.