NEWSNOW| – ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී විදේශගතව සිටින ජනතාවට රජය සතුටුදායක නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව සංක්‍රමණිකයන්ට තමන් ජීවත් වන රටවල තානාපති කාර්’යාලවලින් උප්පැන්න සහතිකය, විවාහ සහතිකය සහ මරණ සහතිකය ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකිය.
ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ න්‍යාය පත්‍රය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ කොටසක් ලෙස විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අද (07) මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.
මේ අනුව තානාපති කාර්යාල 07ක මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ජපානය, කටාර්, කුවේට්, මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි යන තානාපති කාර්’යිඈ ල හරහා එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉහත ලිපි ලේඛන අප්‍රමාදව ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබේ.
සියලුම තානාපති කාර්’යාල ආවරණය වන පරිදි නුදුරු අනාගතයේ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පැවසීය.