ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ

0
101

NEWSNOW | –  මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ආගමික කටයතු දෙපාර්’තමේන්තුව විසින් තාවකාලිකව වෙනත් පුද්ගලයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් එහි කපු මහතුන් දේවාලය වසා දැමීමට ගත්තේය.

මේ හේතුවෙන් බැතිමතුන්ට මෙන්ම සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පවුල් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කපු මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි බාර ගැනීම ඇතුළු තේවාවන් මෙන්ම සියලුම රාජකාරි කටයුතු සඳහා අද දිනයේ විවෘත කර ඇති බව සඳහන්.