සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර සියළුම ආදායම් වාර්’තා ඉදිරිපත් කරන්නැයි රජයෙන් උපදෙස්

0
121

NEWSNOW | – V8 මාදිලි ඇතුළු අධි ධාරිතාවයෙන් යුත් එන්ජිමක් සහිත තෝරාගත් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර 2025 මාර්’තු 01 දිනට පෙර උපයාගත් ආදායම පිළිබඳ වාර්’තාවක් මුදල් අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස රජය රාජ්‍ය ආයතන වෙත උපදෙස් දී ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්’ධන මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මෙම උපදෙස් නිකුත් කර ඇති බව වාර්’තා වේ.

චක්‍රලේඛයට අනුව, රේගු ආඥාපනතේ HS 87.03 කාණ්ඩයට අයත් වන වාහන, එනම් 1800CC ට වැඩි අධි ධාරිතාවයකින් යුත් එන්ජිමක් සහිත පෙට්‍රල් වාහන සහ 2300CC ට වැඩි ඉහළ ධාරිතාවක් සහිත ඩීසල් වාහන, ඩබල් කැබ්, තනි කැබ් වැනි , වෑන්, බස්, ලොරි සහ ට්‍රක් රථ, වෙන්දේසි කිරීමට නියමිතය.

වෙන්දේසි කිරීමට නියමිත වාහන කිසිවක් රාජ්‍ය ආයතනවලට ලබා ගැනීම මුදල් අමාත්‍යාංශය විසින් තහනම් කර තිබේ.

සියලුම රාජ්‍ය වාහන අධීක්‍ෂණය කර රාජ්‍ය ආයතනයට අඩු වියදමක් දැරීමට සහ ඒවා අවභාවිතය වැළැක්විය හැකි අයුරින් භාවිත කිරීම සහතික කිරීම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවද එම චක්‍රලේඛය වැඩිදුරටත් පෙන්වා දෙයි.