Home TOP ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව යළි ඇරඹේ
NEWSNOW | – වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව ඊයේ(06) සිට යළි ආරම්භ කර තිබේ.
මෙම ඔන්ලයින් සේවාව මගින් මහජනතාවට පොලිස් සේවය පිළිබඳ අදහස් හා යෝජනා සෘජුවම ඉදිරිපත් කිරීමට මෙන්ම, පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ යුතු ඕනෑම ආකාරයක පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
මහජනතාවට නිල වෙබ් අඩවිය වන www.police.lk හි E-Service සබැඳිය හරහා තම පැමිණිලි ගොනු කළ හැකි අතර https://telligp.police.lk ඔස්සේ ‘පොලිස්පතිට කියන්න’ අයිකනය තෝරා පෝරමයේ නිවැරදි තොරතුරු සටහන් කර තම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය.
පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි නිසි විමර්’ශනයකට භාජනය වී නොමැති බවට හැඟෙන අයට පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා තම පැමිණිලි පොලිස්පතිවරයා වෙත යොමු කළ හැකිය.