දිවයිනට පැමිණ සිටින රොහින්ග්‍යා සරණාගතයන් හමුවීමට මානව හිමිකම් කොමිසමට ඉඩ දෙන්න – එම්. එම්. සුහයිර් මහතා රජයෙන් ඉල්ලයි

0
81

NEWSNOW | – මුලතිව් ගුවන් හමුදා කඳවුරක දැනට රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි රොහින්ග්‍යා සරණාතයන් 103 දෙනා හමුව ඔවුන්ගේ තොරතුරු විමසීමට මානව හිමිකම් කොමිසමට නොපමවා රජය පහසුකම් සලසා දිය යුතය යැයි හිටපු පොදුජන පෙරමුණ පාර්’ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඉරානයේ තානාපති, ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා පැවසීය.

මෙම සරණාගත පිරිසට ස්ත්‍රීන් හා ළමුන් විශාල සංඛ්‍යාවක් ඇතුලත්ව වෙති. 2017 සිට සහ 2021 දක්වා පවැති කුමන්ත්‍රණයෙන් පසුව සහ 2022 – 2024 වකවානුවෙහි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි මුදා හරින ලද වාර්’ගික හිංසනයන් හේතුවෙන් මිලියන 2.5 කට අධික සංඛ්‍යාවක් ඔවුන් මියන්මාරයෙන් පළා ගොස් ඇත. එසේම 25,000 කට වැඩි පිරිසක් ඝාතණය වී හෝ අතුරුදහන් වී ඇති බවද තවත් විශාල සංඛ්‍යාවක් ලොව විවිධ රටවලට රැකවරණය පතා මුහුදු මාර්’ගයෙන් යන විට සිදු වුනු බෝට්ටු අනතුරු නිසා මිය ගොස් ඇති බව ද සුහෙයිර් මහතා පෙන්වා දුන්නේය. .

මේ වන විට ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, එක්සත් රාජධානිය කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් කිහිපයක්ම එම රටවලට දිවි ගලවා ගෙන පැමණි රෝහින්ග්‍යාවරුන්ට රැකවරණ සලසා දී ඇති බවද ඔහු පැවසුවේය. එපමණක් නොව මියන්මාරයේ ජුන්ටාවේ හිංසා පීඩා ඉවසන්නට නොහැකිව එක්සත් ජනපදයට පැමිණි දැනට එහි වාසය කරන මියන්මාර ජාතික බෞද්ධයන් විසින් කලකට පෙර එරටට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ව සාදරයේ පිළිගත් බව වාර්’තාවක් මගින් තමා දැන ගත් බවද පැවසු සුහෙයිර් මහතා, දැනට දිවයිනට පැමිණි සිටින එම අසරණයන් වෙනුවෙන් මිනිසත්බව අගයන මෙරට සියලුම ජාති සහ ආගම්වලට අයත් ලාංකිකයන් හඬ නගමින් සිටින බවද පෙන්වා දුන්නේය. .

වැඩි දුර අදහස් දක්වමින් 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි (UDHR) 14 වැනි වගන්තියෙහිිතම රටවල සිදු වන හිංසා පීඩා නිසා වෙනත් රටවලට ගොස් සරණාගත රැකවරණ ලබා ගැනීමට එම වින්දිතයන්ට අයිතියක් ඇත’ යැයි සඳහන් බව පෙන්වා දෙන සුහෙයිර් මහතා, ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ මෙම ජාත්‍යන්තර සම්මුතියේ එක් පාර්’ශවකරුවෙක් බව අවධාරණය කළේය. එමෙන්ම මියන්මාරයේ රෝහින්ග්‍යාවරුන්ට සිදු වන හිංසා ලොව ප්‍රකට කරුණක් බවද ඔහු පැවසුවේය.

තත්වය මෙසේ හෙයින් අදාල බලධාරීන් තාක්ෂණික කරුණු සොය සොයා කාලය වැය කරමින් නොසිට මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මෙම අසරණයන් හමු වී උක්ත එජා නිර්’දේශය අනුව කටයුතු කරන්නට පහසුකම් සලසා දිය යුතුය යැයිද සුහෙයිර් මහතා ඉල්ලා සිටියේය.

එජා මගපෙන්වීමට අමතරව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි VI වන පරිච්ඡේදයේ 27(15) වන වගන්තියෙහි රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලික යුතුකම් පිළිබඳ මාර්’ගෝපදේශ යටතේදි ජාත්‍යන්තර සාමය, ආරක්ෂාව සහ සහයෝගීතාව ප්‍රවර්’ධනය කිරීම සහ සාධාරණ හා යුක්තිසහගත ජාත්‍යන්තර ආර්’ථික හා සමාජ පිළිවෙලක් පිහිටුවීම රජයන් ප්‍රවර්’ධනය කළ යුතුය හා ජාතීන් අතර ගනුදෙනුවලදී ජාත්‍යන්තර නීතියට සහ ගිවිසුම්වල බැඳීම්වලට ගරු කිරීම පෝෂණය කිරීමට උත්සාහ කළ යුතුය’ යැයි සඳහන් වන බවද සුහෙයිර් මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම කිසියම් නිශ්චිත ගිවිසුමකට රජය පාර්ශ්වකරුවෙකු නොවන අවස්ථාවලදී පවා පවතින ජාත්‍යන්තර මානුෂීය නෛතික බැඳීම්වලට සැලකිල්ලක් දැක්වීමට රජය බැඳී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා විවිධ අවස්ථාවල නඩු විභාගවලදි අර්’ථකථනය කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සිහිපත් කළේය.

එමෙන්මියම් පුද්ගලයෙක් තමන්ට මානව හිමිකම් කොමිසම සම්බන්ධව ලැබී ඇති දැනුම්දීමක හෝ ලිඛිත නියෝගයක නිර්’දේශ ප්‍රතික්ෂේප කළහොත් හෝ ඒ අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එම ක්‍රියා කොමිසමට අපහාස කිරීම වැනි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අදාල බලධාරීන් වටහා ගත යුතු බවද සුහෙයිර් මහතා අවධාරණය කළේය.

සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මෙම සරණාගතයන් භාර ගැනීමට එකග වන රටවලට යැවීමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට බලය ඇති බවද පෙන්වා දුන් සුහෙයිර් මහතා 2017 වසරෙහි කැනඩාවට එසේ ගිය රොහින්ග්‍යාවරුන්ට එම රටෙහි ස්ථිර පදිංචිය පවා කැනේඩියානු රජය හිමි කර දුන් බව සිහිපත් කළේය.