මෙරට සිටි ඇමතිවරු විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලු බවට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් චෝදනා

0
160

NEWSNOW | – පසුගිය රජය සමයේ මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලා හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු සහ ඕස්ට්‍රේලියානු තානාපතිවරුන් විදේශ අමාත්‍ය විජිත හේරත් වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

මේ නිසා ආයෝජකයින් මෙරට ආයෝජන අතහැර ඉන්දියාවට සහ වියට්නාමයට එම ආයෝජන රැගෙන යාමට සිදු වූ බවද තානාපතිවරු වැඩිදුරටත් පැවැසූහ.

පසුගියදා විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවූ දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

මුතුරාජවෙල සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා නළ මාර්’ගයක් හරහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේ විවෘත ටෙන්ඩරය තම රටේ ආයෝජකයෙකු විසින් ලබාගෙන ඇති බවයි දකුණු කොරියානු තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. තවමත්, නොදන්නා හේතුවක් නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී නොමැත.