කොළඹ – අවිස්සාවේල්ල මාර්’ගයේ රථ වාහන ධාවනය සීමා කෙරේ

0
135

NEWSNOW | – කොළඹ – අවිස්සාවේල්ල මාර්’ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්’ෂික මහා පෙරහැර විඨී සංචාරය කිරීමට නියමිත බැවින් අද(04) සහ හෙට(05) දිනයේදී එම මාර්’ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ.

පොලීසිය පැවසුවේ එබැවින් කොලඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්’ග භාවිත කරන ලෙසය.