මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

0
369

NEWSNOW | – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙනි.

පසුගිය කාලසීමාවේ දී දේශපාලන පත්වීම් ලැබු තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 16 දෙනෙකු යළි කැඳවීමට රජය තීරණය කළේය.

කෙසේ වෙතත් විදෙස් ධුත සේවය සක්‍රීය සේවයක් කිරීමේ අරමුණින් ඇතැමුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.