චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යයි

0
115

NEWSNOW | –  චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙය කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු පැමිණීමද විශේෂත්වයකි.

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන මෙම වෛරස තත්ත්වය ප්‍රධාන වශයෙන් පැතිර යන අතර කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව වාර්’ත වේ.

එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසයද චීනයේ පැතිර යමින් පවතියි.

මෙම වෛරස තත්ත්වය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්’තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින අතර එම තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්’තා නොවේ.