ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්

0
76

NEWSNOW| –  ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන රනිල් ජයවර්ධන මහතාට නයිට් නාමයක් ප්‍රදානය කර තිබේ.

බ්‍රිතාන්‍ය චාල්ස් රජතුමා විසින් මෙම නයිට් නාමයක් ප්‍රදානය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට ඔහු “සර් රනිල් ජයවර්ධන” ලෙස හැඳින්වීමට නියමිතය.

රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එරට රජයේ අමාත්‍යවරයෙකි.

එහෙත් පසුගිය මහ මැතිවරණයේදී ඔහු නියෝජනය කරන හැම්ප්ෂෙයර් ආසනය ජය ගැනීමට හැකි නොවීය.

කෙසේවෙතත් මහජන නියෝජිතයකු ලෙස රනිල් ජයවර්ධන මහතා මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගයමින් ඔහුට මෙලෙස නයිට් නාමයක් පිරිනමා ඇතැයි සඳහන් වේ.