සහල් ටොන් 79,000ක්

0
190

NEWSNOW | – අද(31) දිනයේ රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ටොන් 79,000ක් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති සහල් ප්‍රමාණය අතුරින් කැකුළු සහල් ටොන් 31,000ක් ද තැම්බූ සහල් ටොන් 48,000ක් ද වන බවය.

එමෙන්ම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ටොන් 780ක් ද මෙම තොගය තුළ අඩංගු බවද ඔහු පැවසීය.