කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් පවුල් 1780කට සෞදි රජයෙන් ආධාර

0
60

NEWSNOW | – කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් පවුල් 1780ක් සඳහා රුපියල් 9000 බැගින් වූ සහනාධාර මලු බෙදාදීමේ වැඩසටහනක් ඊයේ(26) කොළන්නාව මංගලපාය උත්සව ශාලාවේදී පැවැත්විණි.

එය සෞදි අරාබියේ මක්කම මූලස්ථානය වන ලෝක මුස්ලිම් ලීගයේ කොළඹ කාර්’යාලය විසින් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා කාර්’යාලයේදී අධ්‍යක්ෂ Ash Sheikh Mohammed Imran Bin Jamaluddin මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Al Qahdani, පාර්’ලිමේන්තු මන්ත්‍රී S.M.Marikar ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

මෙම කාර්’යාලය පසුගිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිටින සියලුම ජාතීන්ට අයත් ආපදාවට ලක් වූ ජනතාවට සහන සලසමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා රටවල් රැසක සිටින අනාථ සහ අසරණ ජනතාවට සහන සැලසීම විශේෂත්වයකි.