NEWSNOW| – අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් අති ව්ශේෂ ගැසට් නිවේදනය ඊයේ (26 ) ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා තිබේ.