වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

0
235

NEWSNOW| –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

ඇය පසුගියදා තම දියණිය බැලීමට එංගලන්තයට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුණි.

එහිදි දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදි ඇය මෙලෙස මියගොස් තිබේ.

ඇය වෘත්තියෙන් ගුරුවරියකි.පසුගිය අරගල සමයේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිස් අතර සිටි පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකාවකි.