ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

0
49

NEWSNOW| – ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.මිය යනවිට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි සූරියසේන මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතය.

ප්‍රියා සූරියසේන මහතා 1968 වසරේ ගීත ගායනයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසියේය. ඉන්පසුව 1972 දී ඔහු සරල ගීත ගායනා කිරීමට පටන් ගත්තේය. හෙට දවසේ අප දෙදෙනා, අඳුර අඳුර මගේ, සරතැස නීවා, කිරි සයුරේ, ඈත රන් විමන්,  වැනි ගීත රැසකින් ඔහු ජනප්‍රිය විය.